Purchase Land for Anomadassi Thero Meditation Center

අනුරාධපුර, කටුකැලියාව, ධම්ම පාරමී ආරණ්‍ය සේනාසනයේ පැවැත්වෙන සිව් දින භාවනා වැඩසටහන්, සූත්‍ර විවරණ වැඩසටහන් ඇතුලු අනිකුත් වැඩසටහන් සඳහා සහභාගි වෙන ස්වාමීන් වහන්සේලා සහ උපාසක මහතුන් සඳහා නේවාසික පහසුම් සැපයීමට දැනට ආරණ්‍ය සතු ගොඩනැගිලි ප්‍රමාණවත් වුවද, එම වැඩසටහන් සඳහා සහභාගීවෙන මෙහෙණින් වහන්සේලා සහ උපාසිකා මහත්මීන් සඳහා නේවාසික පහසුකම් සැලසීමට නොහැකිවීමෙන් ඔවුන්ට බාහිර ස්ථානයන්හි නවාතැන් ගැනීමට සිදුවීම නිසා අපහසුතාවන්ට මුහුණදීමට සිදුවී ඇත. ඊට පිළියමක් ලෙස ආරණ්‍ය භූමියට යාබදව පිහිටි නිවසක් සහිත ඉඩමක් මිලදී ගෙන වැඩිදියුණු කිරීමට යෝජනා වී ඇත. 
නිවන් මඟ වැඩීමට වෙහෙසෙන මෙහෙණින් වහන්සේලා සහ උපාසිකා මහත්මීන් සඳහා ආරක්ෂා සහිතව අපහසුතාවලින් තොරව එම කටයුතු කරගැනීම පිණිස නේවාසික පහසුකම් සැලසීමේ මෙම මහඟු පුණ්‍යකර්මයට දායකවීමට කැමති පින්වතුන් හට ආධාර යොමුකලහැකි බව කාරුණිකව දන්වා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *